Friday, December 11, 2015

Wrestling ගැන..........





☛ ඔන්න අද කියන්න යන්නේ Wrestling  ගැන පොඩි දෙයක්.....මේ වන විට මුලු ලෝකයක් පිස්සු වට්ටපු රෙස්ලිං ගැන නොදන්න කිසි කෙනෙක් නැති තරම්.ඒ තරම් මේක ජනප්‍රියයයිනේ......මම අද මේකේ ඇත්ත කතාව කියන්නම්.එකටම මෙහෙම පටන්ගමු.මේ ක්‍රීඩාව ආරම්භ වෙන්නේ මල්ලව පොර වලින්නේ....මේක තව ටිකක් දියුණු කරලා තමයි අපේ රෙස්ලිං ක්‍රීඩාව පටන් අරන් තියෙන්නේ.මේකට ගොඩක් හයිය හක්තිය තියන කොල්ලො තමා ගන්නවා.අපි වගේ උන් තමා.... ඒගොල්ලො ගන්නකොට එකටම ගිවිසුමක් අත්සන් කරන්න දෙනවා මම මැරුණත් වගකීම ගන්නවා කියලා.ඒ කියන්නේ එයා මැරුණත් වගකීම ගන්න ඕනි එයා කියන එකනේ....ඔන්න දැන් කෙනෙක් ඔහොම අත්සන් කරලා ගියා.ඊට පස්සේ එයාව ලොකු කාලයක් පුහුණුවක් ලබනවා.ඊට පස්සේ තමයි එයාවා NXT කියන එකට දාන්නේ WWE එකේනම් මම දන්නේ ඒකේ විතරයි ඒකයි මම ඒ ගැන කියන්නේ හොදේ.ඊට පස්සේ එයාව හොඳ තත්වෙකට ආවාම තමා WWE එකට Officially Debaut කරනවා කියන්නේ.

☛ඔන්න දැන් තමා පටන් ගන්නේ.මේ රෙස්ලිං ක්‍රීඩාව කියන්නේ මහා බොරුවක්.කලින් ලියපු පිටපතකට අනුව තමා වෙන්නේ.අනික මේක හරියට ෆිල්ම් එකක් වගේ.මේකේ දෙපැත්තක් ඉන්නවා. Heel(නරක/කලු) සහ Face(හොඳ/සුදු) මේ දෙගොල්ලො අතර තමා ගොඩක් වෙලාවට මැච් හදන්නේ.එහෙම නැති ඒවත් තියනවා.හැම වෙලේම Face අය රින්ග් එකේ වම් කෙලවරෙත් Heel අය දකුණු කෙලවරෙත් ඉදන් තමයි මැච් පටන් ගන්නේ.මතකනේ මම ඉස්සෙල්ලා කිව්වා මේක පිටපතක් අනුව වෙන්නේ කියලා.හැබැයි මේගොල්ලෝ ගහගන්නේ ඇත්තට.මරාගන්නේ ඇත්තට.සමහරක් ඒවානම් ඇත්තම නෙමෙයි.ටේකර් පුච්චන ඒවා/කේන් පුච්චන ඒවා එහෙම මායාවන්.ඔන්න ඔහොමයි ඉතින් ඕවා වෙන්නේ.අනිත් දවසේ ඔයාලා මේවා බලනකොට ඔලුවෙන් බලන්න.ඇත්ත තේරුම් ගන්න.මේගොල්ලො කරන්නේ Job එකක්නේ.මම කිව්වානේ මේක ලොකු බොරුවක් කියලා.ඉතින් මේක අහලා හිත රිද්ද ගන්න එහෙ ම එපා.මේක තමා මේ මායාවේ ඇත්ත.


☛ මේගොල්ලෝ රින්ග් එක ඇතුලේ කොච්චර ගහ මරා ගත්තත් ඇත්ත ජීවිතේ ගොඩක් හොඳ යාලුවෝ.උදාහරණයක් ලෙස අපේ සීනයි රැන්ඩී කොච්චර තරහද? ඒත් රැස්වීම්,පාට්,මැච් නරඹනකොට එක ලඟ ඉදන් හොඳට බලනවා.තව ටික දවසක් යාලු වෙලා ඉදලා ආයි තරහා වෙනවා.මෙම ක්‍රීඩාවේ සදාකාලින් මිතුරන් නෑ.සදාකාලික හතුරනුත් නෑ.


☛ අනික මේ ක්‍රීඩාව කරන අය කරන්නේ තමන්ගේ රස්සාව.ඔවුන්ට දෙන Sallary එක දැක්කම එපා වෙනවා.ඒ තරමට ගොඩක් ලොකු ගානක් ගෙවනවා,ඉහල ජනප්‍රියතාවයක් ලැබෙනවා.ෆිල්ම් වල රඟපාන්න හම්බ වෙනවා.වසරකට/මාසෙකට සැරයක් චාරිකා හම්බවෙනවා.මේ වගේ එකෙක් උනොත්නම් රජ සැප තමා ඉතින්.අපේ අසල්වාසී රටෙනුත් පොරක් ගියානේ(කාලි) ඒත් මිනිහා වැඩිය ජනප්‍රිය උනේ නම් නෑ නෙද?


☛ මේකේ මැච් ගැන පොඩ්ඩ්ක් කතා කලොත් මෙහෙමයි වෙන්නේ.ලොකු මැච් වෙන්නේ පිටපතකට අනුවනේ.අනිත් ඒවත් එහෙමම තමා.ඒත් මෙහෙම කියන්නත් පූලුවනි.එක එක රෙස්ලර්ට තමන්ට ආවේනික Finishing Move එකක් තියනවනේ.(Cena-AAA/Randy-RKO) ඒක එකටම කොහොම හරි තමන්ගේ Finishing Move ගහන කෙනාට අනිත් කෙනා මැච් එක දෙන්න ඕනි.දැන් ඔයාලා කියයි සමහර මැච් වල ඕක කී පාරක් ගහනවද කියලා? නෑ ඒක වෙන්නේ ඉතින් මැච් එකට තීරනය කරනවා Finishing Move එක 6 පාරක් ගහන කෙනා තමයි දිනුම් කියලා.මැච් එකේ ජනප්‍රියත්වය වැඩි කරන්න ඕක 20/25 කරන්න බැරි නෑ.


☛ඔයාලා දෙයක් දන්නවාද? රෙස්ලිං වල තියන භයානකම Finishing Move එක මොකක්ද කියලා?ඒක තමා Undertakar & Kane ගහන Tombstone piledriver එක.මේක 3ක් හො 4 පාරක් වැදුනොත්නම් ඉදලා හමරයිලු.බෙල්ල ඉවරයි.කේන් එලුවට කලෙත් ඕක තමා.නමුත් 2012 පස්සේ අපේ ස්ටෙපනි මික්මෑන් නීතියක් දැම්මා.මේක පාවිච්චි කරන්න පුලුවන් Undertakar & Kane යන දෙන්නාට පමණක් කියලා.ඒකයි ඒක වෙන කවෘත්ම චා කරන්නේ නැත්තේ.
ඔන්න මම දන්න දේවල් සහ හොයාගත්ත දේවල් වලින් තමයි මේක කෙටුවේ.ඔයාලාගේ අදහසත් පහලින් කොටලා යන්නකු.

Related Posts:

  • WWE Raw Results ( 2015.December.07 ) WWE Raw Results, ( December. 7, 2015 )  - Roman Reigns, Dean Ambrose, The Usos, The Dudley Boyz, Tommy Dreamer & Rhyno Def. The Lea… Read More
  • WWE King Of The Ring >>> "King of The Ring" >>> � උඹලා දන්නවනේ මේ පාර තිබුන "King of The Ring" Tourenment එක win කලේ‪#‎BnB‬. ඒත්ගොඩක් අය දන්… Read More
  • WWE Upcoming Events ඔන්න මන් දැන් කියන්න යන්නේ WWE එකේ  ඉස්සරහට පැවැත්වෙන Shows ටිකක් හා ඒවා යන  දිනය ගැන........ >>> WWE Upcoming Events <… Read More
  • Tommy Dreamer එකල Ecw හි hardcore wrestling උදෙසා ඇප කැප වී අද වන විට wwe නමින් ඉදිරිපත් කෙරෙන එම ක්‍රීඩාව පසුගියදා ratings අඩුවීමකට ලක් වුනිනමුත් එකල සිටි සුපි… Read More
  • Winners Of WWE Royal Rumbles § § § ඔන්න අපි අද කියන්න යන්නේ WWE එකේ මෙතෙක් කල් පැවති Royal Rumbles වල Winners ලා  .... § § § ツ 1 Royal … Read More

0 comments:

Post a Comment

ජනප්‍රියම ලිපි

ආ ගිය අය

5302
Powered by Blogger.

Search